Sunday, September 8, 2024

General line - 0115112241

පාඨලී සජබය සමග සාකච්ඡාවක්




එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ සමගි ජන බලවේගයේ  නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා.

ඒ, පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදීයි.

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් රටට ඉදිරිපත් කළ යෝජනාවලිය සමගි ජන බලවේගය වෙත එහිදී පිළිගන්වා තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවූ බවයි වාර්තා වුණේ.

එක්සත් ජනරජ පෙරමුණ සකස් කළ එම යෝජනාවලිය එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා භාර දෙනු ලැබුවා.