Monday, April 29, 2024

General line - 0115112241

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුව




පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් සඳහා හමුදා පුහුණුව ලබා දීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මාර්තු 25 වනදා සිට සහ අප්‍රේල් 08 වනදා දක්වා අදාළ පුහුණුව ලබා දීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙහිදී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් හමුදා කඳවුරුවලට ගොස් මෙම පුහූුණුව සඳහා එක් වීම විශේෂත්වයක්.

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

මේ වන විට ක්‍රියාත්මක පකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පකිස්තාන ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසය සුබ දායක නොවන බව ඔහුගේ අදහසයි.

ඒ අනුව එළඹෙන පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙම පුහුණුව ලබා දීමට නියමිත බව සභාපතිවරයා පවසනවා.