Saturday, April 27, 2024

General line - 0115112241

බංගලාදේශට ලකුණු 165ක ඉලක්කයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ 03කින් සමන්විත දෙවන පන්දු වාර විස්සයි විස්ස තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට පැමිණියේ එක් වෙනස්කමක් සිදු කරමින්.

ඒ, පළමු විස්සයි විස්ස තරඟය ක්‍රීඩා කළ දඟ පන්දු යවන අකිල ධනංජය වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක කණ්ඩායමට එක් කර ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දු වාර 20ක් අවසානයේදී කඩුලු 05ක් දැවී ලකුණු 165ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පළමු කඩුල්ල ලකුණු පුවරුවට ලකුණු 01ක් එක් වෙද්දී අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 0කට දැවී ගියා.

ඔහුට පළමු විස්සයි විස්ස තරඟයේදීද ලකුණු ලබා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඉන් අනතුරුව පිටියට පැමිණි කමිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 67ක සබඳතාවක් පැවැත්වුවා.

කුසල් මෙන්ඩිස් පන්දු 22කදී ලකුණු 36ක් ලබා සිටියදී දැවී ගියා.

සධීර සමරවික්‍රම ලකුණු 07 කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක චරිත් අසලංක 06 පහරවල් 03ක් සහ 04 පහරවල් 03ක් සමගින් පන්දු 14කදී වේගවත් ලකුණු 28ක් ලබා සිටියදී දැවී ගියා.

මේවන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින  බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 12ක් අවසානයේදී කඩුලු 02ක් දැවී ලකුණු 110ක් ලබා ගැනීමට සමත් වුනා.