Sunday, April 28, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් - ශ්‍රී ලංකාවට විස්සයි විස්ස තරග පරාජයක්




ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 8 ක පහසු ජයක් ලබාගත්තා.

තරගයේ සිදුවූ විශේෂම සිදුවීම වූයේ බංග්ලාදේශ ඉනිමේදී තුන්වන විනිසුරු ලබාදුන් ආන්දෝලනාත්මක තීරණයක් මේ වනවිට ලෝකයේම අවධානය දිනා ගැනීමයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 5කට ලකුණු 165 ක් රැස් කළා.

බංග්ලාදේශය කඩුළු 2කට ලකුණු 170 ක් ලබා තරගය ජයගත්තේ 19 වන පන්දුවාරයේදීයි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නජ්මුල් හුසේන් සැන්ටෝ නොදැවී ලකුණු 53 ක් රැස් කළා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 28කට කඩුළු 2 ක් බිද හෙළුවා. 

ලෝකයේම අවධානය යොමුව ඇති ආන්දෝලනාත්මක විනිසුරු තීරණය ලැබුණේ බංග්ලාදේශ ඉනිමේ සිව් වන පන්දුවාරයේදීයි.

බිනුර ප්‍රනානා්දු යොමුකළ පළමු පන්දුව සෞම්‍ය සර්කාර්ගේ පිත්තේ ගෑවී කඩුලු රකින කුසල් මෙන්ඩිස් රැකගත් අතර පිටියේ විනිසුරු එය දැවී යාමක් ලෙස සටහන් කළා.

එහෙත් පිතිකරු එය තුන්වන විනිසුරු වෙත යොමුකරන ලෙස ඉල්ලා සිටි අතර එහිදී නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකාශ වුණා.

එහි විශේෂම සිද්ධිය වූයේ ඹකඑර් ැාටැ තාක්ෂණය පරීක්ෂා කිරීමේදී පන්දුව පිත්තේ ගෑවී යන බවට පෙන්නුම් කිරිමයි. 

එහෙත් එවැන්නක් පෙන්නුම් කළද ඒ අවස්ථාවේ පන්දුව සහ පිත්ත අතර පරතරයක් පවතින බැවින් ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කළ බවටයි පසුව ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

පිටියේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර එම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ විනිසුරු වෙත කරුණු දක්වන අයුරු ද දැකගත හැකි වුණා.