Sunday, April 28, 2024

General line - 0115112241

බංගලි තරගයේ 3 වන විනිසුරුට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් පැමිණිලි




බංග්ලාදේශය සමග පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී 3 වන විනිසුරු ලබාදුන් ආන්දෝලනාත්මක තීරණය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පවසනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීන් නවාස් පැවසුවේ පැහැදිලි සාක්‍ෂි තිබියදීත් එවැනි තීරණයක් ලබාදීමට බලපෑ හේතු කවරේදැයි මෙහිදි විමසා බලන බවයි. 

ඊයේ පැවති තරගය සම්බන්ධයෙන්ද ඔහු මෙහිදි අදහස් පළ කළා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ තීරණාත්මක 3 වන පන්දුවාර විස්සයි විස්ස තරගය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.