Saturday, November 16, 2024

General line - 0115112241

කොළඹ ගොඩනැගිලි හා ඉඩම් ගැන ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්




කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ පවතින ඌන උපයෝජිත රජය සතු  ගොඩනැගිලි සහ ඉඩම් පිළිබඳව සොයා බලා එම ඉඩම් වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එම වැඩපිළිවෙළ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයෝජන මගින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම කොළඹ නගර සීමාව ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වන රජයේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා රජය  මගින් තවදුරටත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ එය දුෂ්කර වුවද ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.