Friday, May 3, 2024

General line - 0115112241

ගර්භණී සායනවල කැල්සියම් පෙති හිඟයක්




ගර්භණී මව්වරුන්ගේ සායන මධ්‍යස්ථානවල ඇතැම් ඖෂධ වර්ග සහ සෞඛ්‍ය උපකරණ නොමැතිවීමෙන් එම මධ්‍යස්ථානවලින් සේවා ලබාගන්නා මව්වරුන් පීඩාවට පත්ව ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඇතැම් ගර්භනී සායන මධ්‍යස්ථානවලින් කැල්සියම් පෙති නිකුත් කිරිම සිදු නොවන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුධිර සහ මුත්‍රා පරීක්‍ෂණ සදහා අවශ්‍ය උපකරණවලද අඩුවක් පවතින බව අදාළ මධ්‍යස්ථානවලින් සේවා ලබාගන්නා ගර්භණී මව්වරුන් පවසනවා.

මෙම කරුණ සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සංගමයෙන් විමසීමක් කළා.

මේ, එහි සභාපති දේවිකා කොඩිතුවක්කු.