Friday, May 3, 2024

General line - 0115112241

IMF නියෝජිතයින් අතර සාකච්ඡාවට විපක්ෂයේ පක්ෂ නායකයින්ට අවස්ථාවක්




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයින් වෙත අවස්ථාව සලසා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එළැඹෙන සඳුදා ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් කැඳවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. 

මේ අතර පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආර්ථිකය මේ වන විට ධනාත්මත තත්ත්වයකට ගෙන ඒමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා පවසනවා.

අසීරු කාලය තුළ වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා තමන්ට නිශ්චිත ස්ථානයක් පවා තෝරා ගැනීමට අපහසු වූ බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිතයේ අභියෝගාත්මක කාලවකවානු, මාධ්‍යවේදීන්ගේ සහ කාටූන් ශිල්පීන්ගේ පරිකල්පනයට හසු වූ ආකාරය එකට එක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් සම්පාදිත "Press Vs Prez"  ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.