Sunday, April 28, 2024

General line - 0115112241

විස්සයි විස්ස තරගාවලි ජයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද තරග බිමේ




සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සහ බංග්ලාදේශ කන්ඩායම් අතර පැවැත්වෙන  03 වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද  පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරගාවලියේ මේ වන විට කණ්ඩායම් දෙකම තරගය බැගින් දිනාගෙන සිටිනවා.

ඒ අනුව  තරගාවලිය ජය ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම අද තරගය තීරණාත්මක වනවා.

පසුගියදා නිමාවට පත් වූ ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග වාරය අතරතුරදී විනිසුරු සමග ඇතිකර ගත් වචන හුවමාරුව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වනිදු හසරංගට බංගලාදේශ  කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි  විස්ස තරග දෙක ක්‍රීඩා කිරීමට තහනමක් පනවනු ලැබුවා.

එම තරග තහනමෙන් අනතුරුව වනිදු අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන්නේ විස්සයි විස්ස නායකයා ලෙසින්.

ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද තරගයට ක්‍රීඩා නොකරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ. 

මේ අතර ශ්‍රී  ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිදු  හසරංග  යලි කණ්ඩායම සමග එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශයභාර  පුහුණුකරු තිළිණ කන්නම්බි මෙලෙස අදහස් පළ කළා.


එමෙන්ම  ශ්‍රී ලංකා කණ්ඩායමේ  පිතිකරන අංශය භාරගත් පසු තමන් කණ්ඩායම වෙනුවෙන් සිදුකළ කාර්යයන් සම්බන්ධයෙන් ද තිළිණ කන්නම්බි මෙලෙස අදහස් පළ කළා.