Saturday, April 27, 2024

General line - 0115112241

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර කැඳවයි




බංගලාදේශ කණ්ඩායම සහ ලංකා කණ්ඩායම අතර ලබන 13 වනදා පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට  ළහිරු කුමාර කැඳවා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ, ආබාධයකට ලක් ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු වෙනුවටයි.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අහිමි වූ පැතුම් නිස්සංක ද එම කණ්ඩායමට කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර චරිත් අසලංක උපනායකයා ලෙස කටයුතු කරනු ලබනවා.

අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුසංඛ, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය, සහන් ආරච්චිගේ සහ චාමික කරුණාරත්න කණ්ඩායමට එක් කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පන්දුවාර 20 යි 20 තරගාවලිය අවසන් වීමෙන් පසු ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී එම තරගාවලියේ වීරයා වූ කුසල් මෙන්ඩිස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.