Sunday, April 28, 2024

General line - 0115112241

 ශ්‍රී ලංකා කණ්ඩායමේ ටයිම් අවුට් ජය සැමරුමට බංග්ලාදේශ කණ්ඩායමේ විරෝධය




නිරන්තරයෙන් ක්‍රිකට් පිටියේ උණුසුම් සිදුවීම් මවන කණ්ඩායම් දෙකක් වන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය, යළි ක්‍රිකට් පිටිය උණුසුම් කරමින් සිටිනවා.

ඒ, දෙපිල අතර පැවති පන්දුවාර 20 තරගාවලිය නිමවිමත් සමගයි. මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වූයේ තරගාවලි ජයග්‍රහණ කුසලානය සමග ශ්‍රී ලංකා පිල සමූහ ජායාරූපයට පෙනීසිටි අවස්ථාවේ ඔවුන් කල නිරූපණයක්.

එහිදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීකඩයින් සිය ඔරලෝසුව පෙන්වමින් අභිනයක නිරත වූයේ ඉකුත් ලෝක කුසලානයේ මතභේදාත්මක ටයිම් අවුට් සිද්ධිය සිහි කැදවමින්.

කෙසේ වෙතත් මෙම සැමරුම මේවනවිට ක්‍රිකට් පිටියේ කතාබහක් ඇති කිරිමට තරම් ප්‍රභල සිද්ධියක් වි තිබෙනවා.

ඊට ආසන්තම හේතුව වූයේ තරග අවසානයේ දෙපිලේම ක්‍රීඩකයින් මාධ්‍ය හමුවේ පල කල අදහස්.

එහිදී බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ පවසා ඇත්තේ කල් ඉකුත් වූ සිද්ධියෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ගොස් නොමැති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස්, දෙපිලේම ක්‍රීඩකයින් ”සීමා රේඛාවෙන් පිටත ඉතා මිත්‍රශීලී” බව පවසමින් මාධ්‍ය හමුවේ අදහස් පල කලා.

එහෙත් බංග්ලාදේශ නායකයා පැවසුවේ ශ්‍රී ලංකාව එයින් ඉවත් විය යුතු බවයි.

ඔවුන් වර්තමානයේ සිටිය යුතු බවත් තම කණ්ඩායම ඉකුත් ලෝක කුසලාන සිද්ධියේදී නීති රීති තුළ හිටි බවත් ඔහු පවසනවා. 

එහෙත් ශ්‍රී ලංකාව එම සිද්ධිය පිළිබද වියරුවෙන් සිටින බවත් ඒ පිළිබද තරමට වඩා කලබල නොවන බවත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ සදහන් කලා.