Saturday, April 27, 2024

General line - 0115112241

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ වැඩි වාසි ඕස්ට්‍රේලියාවට




සංචාරක ඕස්ට්‍රේලියා  කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ හතරවන දිනය අදයි.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඕස්ටේ්‍රලියානු කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 174ක් රැස් කර ගෙන සිටියා.

මිචෙල් මාශ් ලකුණු 55ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 50ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 162ක් රැස් කළා.

ඔවුන් දෙවන ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 372ක්.

ඕස්ට්‍රේලියා  කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 256ක් රැස් කිරීමට සමත් වුණා.

මේ වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා  කණ්ඩායමට තරඟය ජය ගැනීමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 105 ක් පමණයි.

තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ස්හිදීයි.