Sunday, April 28, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයට අවසන් වරට පැවැති ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියට නම් කර නොතිබූ ලහිරු කුමාර ඇතුළත්.

ඒ, ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු වෙනුවටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර චරිත් අසලංක අප නායකයා ලෙස කටයුතු කරනවා.

දෙරට අතර පැවැති 20 යි 20 තරගාවලියට සහභාගී නොවූ පැතුම් නිස්සංක එක්දින සංචිතයට නම් කිරීම ද විශේෂත්වයක්.

අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක සහ ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වනවා.

දෙරට අතර පළමුවන එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.