Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය අද




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

තරඟාවලියට තරඟ 03ක් ඇතුළත්.

පළමු තරඟය අද ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 02ටයි.

අද තරඟය දිවා රාත්‍රී තරඟයක්. ශ්‍රී ලංකා එක්දින සංචිතය සඳහා පන්දු වාර විස්ස තරඟාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මධුෂාන් සහ ලහිරු කුමාර කැඳවා තිබෙනවා.

දෙරට අතර පැවති පන්දු වාර 20 ක්‍රිකට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.

එහෙත් තරඟාවලිය අවසන් වූයේ දෙපිළ අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති කරමින්.

ඒ අනුව අද ආරම්භ වන එක්දින තරඟාවලියද උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.