Saturday, May 4, 2024

General line - 0115112241

පළමු එක් දින තරඟයෙන් බංග්ලාදේශයට විශිෂ්ඨ ජයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, තරගය කඩුළු 6කින් පහසුවෙන් ජය ගනිමින්. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 255ක් පමණයි.

ජනිත් ලියනගේ ලකුණු 67 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 44 යි පන්දු 4 ක් තුළ කඩුළු 4 ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියා. 

බංග්ලාදේශ ඉනිමේ කඩුළු 3 ක් ලකුණු 23 ක් තුළ දවා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ පාලනය තමන් යටතට ගත්තද පසුව එය ශ්‍රී ලංකා පිල අතින් ගිලිහී ගියා.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නායක නජ්මුල් හුසේන් සැන්ටෝ නොදැවී ලකුණු 122 ක් රැස් කළා.

ඔහුට අනගි සහයක් ලබාදුන් මුෂ්ෆිකර් රහිම් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 73 ක්.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුසංඛ ලකුණු 44කට කඩුළු 2ක් බිද හෙළුවා. 

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙනවා.