Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන එක්දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය අද පස්වරු 02ට චැටෝග්‍රෑම්හි අහමඩ් චෞඩි්‍ර පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේ එක් වෙනසක් සිදු වීමට බොහෝ දුරට ඉඩකඩක් ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයේදී බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා කඩුලු 06ක ජයක් හිමි කර ගත්තා.

ඒ අනුව තරඟ 03කින් සමන්විත එක් දින තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායම 01ට බින්දුවක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් පසුවනවා.

මේ අතර දෙරට අතර පැවති පළමු එක්දින තරඟයේදී කාසියේ වාසිය දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවේචනාත්මක අදහස් පළ කළා.

ඒ, තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ පවතින කාලගුණ තත්ත්වය අනුව රාත්‍රී කාලයේදී අධික ලෙස පින්න පතිත වීම හේතුවෙන් රාත්‍රී කාලයේ පන්දු යැවීමේදී පවතින අපහසු තත්ත්වය සැළකිල්ලට ගෙනයි.

ඒ අනුව චැටෝග්‍රෑම්හි අහමඩ් චෞඩි්‍ර පිටියේ කාසියේ වාසිය හිමි කර ගන්නා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සුදුසු බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දුන්නේ.