Saturday, May 4, 2024

General line - 0115112241

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්




ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය චැටෝග්‍රෑම්හි අහමඩ් චෞඩි්‍ර පිටියේදී මේ වන විට පැවැත්වෙනවා.

ලකණු 287ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට පෙර පන්දු වාර 09ක් අවසානයේදී කඩුලු 03ක් දැවී ලකුණු 57ක් ලබා ගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 286ක් රැස් කර ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුලු 04ක් බිඳ හෙළුවා.