Monday, April 29, 2024

General line - 0115112241

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව අසීරු අඩියක




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අසීරු අඩියක පසුවනවා.

ඒ, පන්දු වාර 32ක් අවසානයේ ලකුණු 150ක් තුළ කඩුලු 06ක් බිඳවැටීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ එක් ලකුණක් සටහන්ව තිබියදී පැතුම් නිස්සංක දැවී ගියා.

පළමු පන්දු වාරයේ තුන් වන පන්දුවේදී ඔහු දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීයි.

තුන් වන පන්දු වාරයේ පස්වන පන්දුවේදී ලකුණු 04ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියා.

නායක කුසල් මෙන්ඩිස්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 29ක් පමණයි.

සදීර සමරවික්‍රම ලකුණු 14කටත් චරිත් අසලංක ලකුණු 37කටත් දැවී ගියා.

දුනිත් වෙල්ලාලගේ දැවී ගියේ එක් ලකුණක් රැස් කර සිටියදීයි.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින ජනිත් ලියනගේ ලකුණු 39ක් සහ වනිදු හසරංග ලකුණු 11ක් රැස් කර ගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් සහ මුස්තාෆිසුර් රහමන් කඩුලු 02 බැගින් දවාගෙන සිටිනවා.