Monday, April 29, 2024

General line - 0115112241

 ශ්‍රී ලංකාව පැරදූ බංග්ලාදේශයට එක්දින තරඟාවලි ජයක්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති තුන් වන එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 04කින් ජය ගැනීමත් සමගයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 235ක්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ අද සිය මංගල එක්දින ශතකය වාර්තා කළා.

ඔහු පන්දු 102කදී නොදැවී රැස් කළ ලකුණු ස්ඛ්‍යාව 101ක්.

චරිත් අසලංක ලකුණු 37යි. කෙසේවෙතත් වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකි වුණේ නැහැ.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් කඩුලු 03ක් දවා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 40යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී තරඟය ජය ගනු ලැබුවේ ලකුණු 237ක් රැස් කර ගනිමින්.

ටන්සිඩ් හසන් ලකුණු 84යි.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 04ක් සහ වනිදු හසරංග කඩුලු 02ක් බිඳ හෙළුවා.

ඒ අනුව තරඟ 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ තරඟ 02ක් ජය ගත් බංග්ලාදේශ කණ්ඩායමට  තරඟාවලියේ ජය හිමි වුණා.