Monday, April 29, 2024

General line - 0115112241

රාජ්‍ය නිලධාරීන්ට වක්කුඹුරගෙන් රතු එළියක්




ජනතාවට ඉටු කළ යුතු සේවාවන් අතපසු කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

බොරු පොරොන්දු දී ජනතාව පීඩාවට පත් කරන ක්‍රමවේදය ආණ්ඩුව තුළ නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


ඉඩම් නොමැති දස ලක්ෂයක පමණ පිරිසකට ලබන අගෝස්තු මාසය වන විට සින්නක්කර ඔප්පු ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවා.