Saturday, April 27, 2024

General line - 0115112241

සජබයේ තවත් මන්ත්‍රීවරයෙකු කෝප් කමිටුවෙන් ඉවත් වීමට සැරසෙයි




පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වීමට සමගි ජන බලවේගය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකු සූදානමින් පසුවන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ එම මන්ත්‍රීවරයා එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වනු ඇති බවයි.

ඔහු ඒ සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද වෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් එම පක්ෂයේ කෝප් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන්ද විමසීමක් කළා.

ඔහු පැවසුවේ කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වන්නේද යන්න සම්බන්ධයෙන් සමගි ජනබලවේගය මෙතෙක් පක්ෂයක් ලෙස තීරණයකට එළඹ නොමැති බවයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අද දිනයේදී තමන් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කිරිමටද බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර නෙත් නිවුස් වෙත පැවසුවේ.

කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කටයුතු කළේ ඔහුගේ පෞද්ගලික තීරණයකට අනුව බවත් එය පක්ෂයේ තීරණය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර නෙත් නිවුස් වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළා.