Thursday, May 9, 2024

General line - 0115112241

මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල සැකකරුවෙකු අත්අඩංගුවට




මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මෝටර් රථය පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 81ක් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14යි මිලි ග්‍රෑම් 527ක් හා හෙරොයින් මිලි ග්‍රෑම් 941ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෝටර් රථය ප්‍රවාහය කළ සැකකරු කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. 

එම ප්‍රදේශයේ සිදු කළ තවත් වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 කට ආසන්න ප්‍රමාණයක් සන්තකව සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සියඹලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් සැකකාරිය අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලීසිය පැවසුවා.

අදාළ සිද්දීන් 02 සම්බන්ධයෙන් බියගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.