Monday, April 29, 2024

General line - 0115112241

රුසියාවට අද ශෝක දිනයක්




රුසියාවට අද ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින්.

පෙරේදා රාත්‍රියේ රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි රංග ශාලාවක් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් සිහිකර සහ ඔවුන්ගේ වියෝවට ශෝක පළ කර මෙලෙස ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඊයේ ජාතිය අමතමින් රාජ්‍ය රූපවාහිනිය හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එමෙන්ම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු ආරක්ෂක අංශ විසින් ඊයේ දිනයේදීලම අත්අඩංගුවට ගත් බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එහිදී පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් අතර ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඔවුන් යුක්රේනයට පළා යන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම මොස්කව් නුවර රංග ශාලාවට එල්ල වූ ප්‍රහාරය අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බව ද, ඒ සඳහා වගකිව යුතු සියලු පාර්ශවයන්ට දඬුවම් පමුණුවන බව ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබෙනවා.