Monday, April 29, 2024

General line - 0115112241

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් දැනුම් දීමක්




මුර ක්‍රමයට ජලය ලබා දීම වෙනුවට අඛණ්ඩ ජල සැපයුම ලබා දිය හැකි පරිදි කටයුතු කිරීමේ වගකීම ජල පාරිභෝගිකයින් සතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

වියළි කාලගුණ තත්ත්වයක් පවතින මෙම දිනවල ජල පාරිභෝගිකයින් ජලය පරිහරණය කිරීමේදී මනා කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කිරීම අතිශය වැදගත් බවයි එම මණ්ඩලය පැවසුවේ.

එබැවින් පානීය ජලය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කිරීමට ජල පාරිභෝගිකයින් වග බලා ගත යුතු බවද එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සංවර්ධන, අනෝජා කළුආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවා. 


මුර ක්‍රමයක් යටතේ ජලය බෙදා හැරිය හැකි ක්‍රම පිළිබඳවද අනෝජා කළුආරච්චි මෙලෙස අදහස් පළ කළා.