Monday, April 29, 2024

General line - 0115112241

බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථනයක් මතුවෙයි 




බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රැවුල් කුමාර ඉනෙහි සගවා තබාගෙන  තිබූ ජංගම දුරකථනය පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යුක්තිය මෙහෙයුමට අදාලව නිලධාරීන් කණ්ඩායමක් විසින් බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය ඒ කොටසේ සිදු කල හදිසි සෝදීසි කිරිමකදී.

එහි දී සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රැවුල් කුමාර යන රැඳවියා රඳවා සිටින සිර මැදිරිය හා එම රැඳවියා සෝදිසි කර ඇති අතර එහිදී රැඳවියාගේ ඉනෙහි සඟවා ගෙන තිබූ සිම්පතක්  ජංගම දුරකථනයක්, චාජර් හා අමතර බැටරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා විශේෂ කාර්ය බලකාය නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.