Monday, April 29, 2024

General line - 0115112241

මොස්කව් ප්‍රහාරය එල්ල කළේ අන්තවාදීන් බව පුටින් පිළිගනී




රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවක් ඉලක්ක කර ඉකුත් දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ ප්‍රහාරය පිටුපස රැඩිකල් අන්තවාදී කණ්ඩායමක් සිටින බවයි.

ඔවුන් යුක්ක්‍රේනයට සම්බන්ධ බවට විශ්වාස කරන බව ද රුසියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා. 

කෙසේවෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අයි එස් සටන්කාමීන් සම්බන්ධ බවට හෝ එම පාර්ශවය ප්‍රහාරය සඳහා වගකිව යුතු බව රුසියානු ජනාධිපතිවයා පවසා නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අයිඑස් සටන්කාමීන් විසින් අවස්ථා කිහිපයකදීම මොස්කව් ප්‍රහාරයේ වගකීම භාර ගත්තා.

එමෙන්ම එම ප්‍රහාරයට සම්බන්ධ වූ තුවක්කකරුවෙකු විසින් පටිගත කළ බව කියන වීඩියෝ කිහිපයක් ද අයි එස් සටන්කාමීන් විසින් සමාජ මාධ්‍ය වෙත පවා මුදා හැර තිබුණා.

එහෙත් රුසියානු රජය හෝ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ දක්වා අදාළ ප්‍රහාරය මෙහෙයවූයේ අයි එස් සටන්කාමීන් බවට ඍජුව පවසා නොතිබීම ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.