Saturday, April 27, 2024

General line - 0115112241

IPL පිටියෙන් නව ලෝක වාර්තා දෙකක්




ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් IPL ක්‍රිකට් පිටියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් නව ලෝක වාර්තා 02ක් බිහිවී තිබෙනවා.

එම තරඟයේදී කණ්ඩායම් දෙකම පන්දුවාර 40ක් තුළ ලකුණු 523ක් රැස් කළා.

එය සැළකෙන්නේ ලෝක ඉතිහාසයේ පන්දුවාර විස්ස තරඟයක කණ්ඩායම් 02ක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මෙලෙස බිඳ වැටෙන්නේ 2023 වසරේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 517ක් රැස් කරමින් බිහි කර තිබූ වාර්තාවයි.

මෙම තරඟයේදී කණ්ඩායම් දෙකම 06 පහර 38ක් එල්ල කළ අතර එයද ලෝක ඉතිහාසයේ පන්දුවාර විස්ස තරඟයක කණ්ඩායම් 02ක් එල්ල කළ වැඩිම 06 පහර සංඛ්‍යාවයි. 

මෙම තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 03කට ලකුණු 277ක් රැස් කළා.

එය IPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මෙහිදී සන්රයිසස් කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මා පන්දු 18කට අඩුවෙන් අර්ධ ශතක රැස් කළ අතර එකම කණ්ඩායමක පිතිකරුවන් දෙදෙනෙකු එවන් දස්කමක් දැක්වූ පළමු අවස්ථාව මෙය වනවා.