Monday, April 29, 2024

General line - 0115112241

වෙළඳපොළ අල්ලන නීතිවිරෝධී මත්පැන් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්




නිත්‍යානුකූල මත්පැන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් නීත්‍යානුකූල නොවන මත්පැන් මේ වනවිට වෙළඳපොළ ආක්‍රමණය කරමින් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි නෙත් නිවුස් වෙත පැවසුවේ එම තත්ත්වය මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි. 


මත්පැන් මිල ඉහළ යාමට හේතු වූ කරුණු පිලිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා.