Monday, April 29, 2024

General line - 0115112241

අවුරුද්දට ගමට යන්න අද සිට වැඩිපුර බස් සහ දුම්රිය සේවා




සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නගරයේ සිට ගම්බිම් බලා යන ජනතාව සඳහා අද සිට අතිරේක බස් සේවා වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ සඳහා බස් රථ 1,400ක් පමණ යෙදවීමට සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී - ධාවන පණ්ඩුක ස්වර්ණහංස නෙත් නිවුස් වෙත පැවසුවේ.


අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවද අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - ගමනාගමන නන්දන ඉදිපොළගේ.


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව සඳහා යළි නගර වෙත පැමිණීමට ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාවට නංවන බවයි ප්‍රවාහන බලධාරීන් පැවසුවේ.