Monday, April 29, 2024

General line - 0115112241

වරායේ සිට වෙළඳපොළට එන භාණ්ඩ වල මිල ගණන් 200%කින් වැඩි වෙලා




කොළඹ වරායෙන් ගොඩබාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සහ ඊට ආසන්නයේම ඇති නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අතර සියයට 200ක පමණ පරතරයක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

එහෙත් එම තත්ත්වය පාලනයට වගකිව යුතු අංශ නිසි මැදිහත් වීමක් සිදු නොකරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.


මේ අතර තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් සතිපතා ප්‍රකාශයට පත්කිරීමේ වැඩසටහනක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා ආරම්භ කළා.

ඒ අනුව, මෙම සතියට අදාළව අත්‍යවශ්‍ය ආහාර වර්ග 09ක මිල පරාසයන් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අනුව තිරිඟු පිටි කිලෝවක ඇස්තමේන්තු සිල්ලර මිල රුපියල් 189ත් 208ත් අතර අගයක පවතිනවා. පරිප්පු කිලෝවක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය පවතින්නේ රුපියල් 312ත් 327ත් අතර අගයකයි. ආනයනික අර්තාපල් කිලෝවක ඇස්තමේන්තු සිල්ලර මිල රුපියල් 174ත් 214ත් අතර අගයක පවතින බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුවේ සම්පූර්ණ මිල පරාසයන් පහතින්