Saturday, July 27, 2024

General line - 0115112241

කටුනායකදී තරුණයෙක් පැහැරගත් රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල




කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයෙකු සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක, 18 කණුව ප්‍රදේශයේදී අදාළ තරුණයා එලෙස පැහැරගෙන ගොස් තිබුණේ කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරන් දෙදෙනෙකු බවයි කටුනායක පොලිසිය පැවසුවේ.

පැහැර ගැනීමට ලක්ව තිබුණේ කුරුණෑගල, මැල්සිරිපුර ප්‍රදේශයේ තරුණයෙක්.

අදාළ රියදුරන් දෙදෙනා කටුනායක ප්‍රදේශය ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත දෙදෙනෙක් බවටයි අනාවරණ වී ඇත්තේ. කෙසේවෙතත් අදාළ තරුණයා පැහැරගනු ලැබුවේ අත්වැරදීමකින් බවට ඔවුන් ප්‍රකාශ කළ බවද පොලිසිය පැවසුවා.