Friday, December 20, 2024

General line - 0115112241

ආණ්ඩුවට ඇති අභියෝගයක් ජනපති දිස්ත්‍රික් ලේකම්වරුන් හමුවේ කියයි




රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. 

නාරාහේන්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.


ජනතාවගේ ජන වරමේ අපේක්‍ෂාවන් වෙනුවෙන් දේශපාලඥයන් පමණක් නොව රාජ්‍ය සේවකයන්ද යටත් බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.