Thursday, May 2, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගවල ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්




අධිවේගී මාර්ගවලට රථ වාහන ඇතුල් කිරිමට පෙර එම රථය අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට සුදුසු ආකාරයෙන් තිබේදැයි නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කර ධාවනයට එක්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එහිදී අනාවරණ වන නුසුදුසු තත්ත්වයේ රථ වාහන අධිවේගී මාර්ගවලට ඇතුළත් නොකරන ලෙසට පොලිසියෙන් ඉල්ලීමක් සිදුකළ බවද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස් එල් පී සූරියබණ්ඩාර පැවසුවා.


මේ අතර උත්සව සමයන්හීදී අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවල  ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් නිවැරදිව මාර්ග නීති අනුගමනය කරමින් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස් එල් පී සූරියබණ්ඩාර රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කළා.