Thursday, May 2, 2024

General line - 0115112241

මත්පැන් සාදයකදී පුද්ගලයකුට පහරදුන් හබරාදූවේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

ලලිත් චාමින්ද




අලුත් අවුරුදුදා මත්පැන් සාදයකදී පුද්ගලයකුට පහරදුන් පොලිස් නිලධාරියෙකු හබරාදුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව පොලිසියටම අනුයුක්තව රාජකාරි සිදුකරන පොලිස් කොස්තාපල්වරයෙක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිය මිතුරන් පිරිසක් සමඟ හබරාදුව, හරුමල්ගොඩ ප්‍රදේශයේදි එම මත්පැන් සාදය පවත්වා තිබෙනවා.

එහිදි ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එම පොලිස් කොස්තාපල්වරයා විසින් එහි සිටි පුද්ගලයෙකුට පහරදි ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරකෑමට ලක්වු පුද්ගලයා රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව එම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.