Thursday, May 2, 2024

General line - 0115112241

පැය 24ක් තුළ රිය අනතුරු 08කින් පුද්ගලයින් 10ක් මරුට




ඉකුත් පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල රිය අනතුරු 08ක් වාර්තා වූ බව පොලිසිය පවසනවා.

එම අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 10 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරු අටෙන් 05ක්ම සිදුව ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරුවලට හේතුව රියදුරන්ගේ නොසැලකිල්ල බවද පොලිසිය පැවසුවා.

මේ අතර නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද දිනයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.