Thursday, May 2, 2024

General line - 0115112241

ලොකු කුඩා සැවොම හිස තෙල් ගෑමේ නැකතටත් එක්වෙයි

කමල් සුරවීර-එම් කේ නන්දසේන-එම් පී ජී පෙරේරා-මාධව කුලසූරිය




සිංහල හා දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය පෙරවරු 10.17ට යෙදී තිබුණා.

හිස තෙල් ගෑමේ ජාතික උත්සවය පැවැත්වුනේ වත්තල, හැඳල පුරාණ රජමහා විහාරයේදීයි.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ එහිදී අදහස් පළකළ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි.


ඉන් අනතුරුවයි හිස තෙල් ගෑමේ කටයුතු සිදුකෙරුනේ.


හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළකළා.


මේ අතර මධ්‍යම පළාතේ හිසතෙල් ගෑමේ ප්‍රධාන උත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ පිළිබඳ සහ මහනුවර නගරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.


කිරිවෙහෙර රජමහ විහාරස්ථානය ඇතුළු කතරගම සියලු වෙහෙර විහාරස්ථානවලදී ද හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදුකල බවයි නෙත් නිවුස් වාර්තාකරු එම් කේ නන්දසේන පැවසුවේ.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදුවූ ආකාරය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු එම් පී ජී පෙරේරාගෙන්.


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණීම සඳහා අද උදෑසන සිටම බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානවල රැඳීසිටින අයුරු දක්නට ලැබුනා.

ඇතැම් බස් නැවතුම්පොළ ආශ්‍රිතව දිගු පෝළිම්ද දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මේ, උතුරේ ප්‍රධාන නගර ආශ්‍රිතව නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය.