Tuesday, April 30, 2024

General line - 0115112241

ගම්බිම් බලාගිය ජනතාවට කොළඹ එන්න අද සිට වැඩිපුර බස් හා දුම්රිය




අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාන සේවා අද දිනයේද ක්‍රියාත්මක වනවා.

එලෙස නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් අද අලුයම සිට බස් සහ දුම්රිය ගමන් වාර රැසක් ධාවනයට එක්කල බව ප්‍රවාහන බලධාරින් පැවසුවා.

දෛනිකව ධාවනය වන දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය කිහිපයක්ද අද දිනයේ ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන් ජේ ඉදිපොලගේ පැවසුවේ.


ගම්බිම් බලාගිය ජනතාවට යළි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණීම සඳහා අද මෙන්ම හෙට දිනයේද විශේෂ බස්රථ ධාවනය වන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ඒ සම්බන්ධයෙන් මෙලෙස ඳහස් පළකළා.


මේ අතර අද දිනයේ පෞද්ගලික බස්රථ සියයට 50ක් පමණ ධාවනය වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා. 


දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටු ආශ්‍රිතව රථ වාහන තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළකළා.


මේ අතර රිය ධාවනයේදී වඩාත් විමසිලිමත් වියයුතු බවයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග පෙන්වා දුන්නේ.