වෙළඳපොළේ දේශීය බිත්තර මිල යලිත් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය කාල සීමාවේ බිත්තරයක් රුපියල් 40ත් 45ත් අතර මිලකට පැවතියද මේ වන විට බිත්තරයක් රුපියල් 50ත් 60ත් දක්වා මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් චෝදනා කළේ.
බිත්තර මිල ක්ෂණිකව ඉහළ යාම සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකරගෙන් විසීමක් කළා.
ඔහු කියා සිටියේ ඉල්ලුමට සරිලන සැපයුමක් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බිත්තර මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.
කුකුල් මස් හා බිත්තර හිඟයක් නොමැති බවත් ඉදිරි දින කිහිපය තුළදී ඒවායේ මිල ගණන් පහත යනු ඇති බවත් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් කියා සිටියා.