ඊසි කෑෂ් මගින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම යටතේ ලබාගත් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වාරියපොල, හලාවත පාර ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32 සහ 40 යන වයස් කාණ්ඩවල පසුවන වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.