Tuesday, April 30, 2024

General line - 0115112241

ලොව ජනප්‍රිය අන්නාසි ප්‍රභේදයක් කඩිනමින් මෙරට වගා කිරීමට අවධානය



ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් සුපර් ස්වීට් පයින් ඇපල් අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ලෝකයේ රසවත්ම අන්නාසි විශේෂ වාර්තා වන්නේ මෙරටින් බැවින් ඒ සඳහා ලෝක වෙළෙඳපොළෙහි විශාල ඉල්ලුමක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

නමුත් MD 2 අන්නාසි ප්‍රභේදයට දැනට විශාල ඉල්ලුමක් ලෝක වෙළඳපොළෙහි පැවතිය ද මේ වන තෙක් ඒවා මෙරට වගා කිරීමට පියවර ගෙන නැහැ.

ඒ අනුව බෝග නිදහස් කමිටුවේ නිර්දේශ යටතේ MD 2 අන්නාසි ප්‍රභේදය මෙරට වගාව සඳහා නිර්දේශ කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. 

දැනට කෘෂි අංශ නවීකරණ වැඩසටහන යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා සිදු කළ පර්යේෂණ සාර්ථක වී තිබෙන අතර ගොවීන්ද මෙම අන්නාසි ප්‍රභේදය වගා  කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.