Tuesday, April 30, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමති චිකාගෝ ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවක




ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේමජයන්ත චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ විද්‍යා අංශය සතු ලොව දෙවැනියට විශාල වෛද්‍ය පාසලෙහි වෛද්‍ය සහ රොබෝ ශල්‍යකර්ම විද්‍යාගාරද අමාත්‍යවරයා නිරීක්ෂණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

තවද එහි පිහිටා ඇති පැරණිතම පාසල් ඔසුහල, නවීන පරීක්ෂණ විද්‍යාගාර පිළිබඳව ද සිය අවධානය යොමු කළ අමාත්‍යවරයා එම සරසවිය භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් සඳහා ලබා දෙන ලෙස එහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එම සරසවියේ නිලධාරීන් හමුවේ වැඩිදුරටත් පැවසුවේ පේරාදෙණිය සරසවිය සහ ඉලිනොයිස් සරසවිය අතර අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවත් එමගින් ලාංකීය සිසුන්ට නව ඉගෙනුම් ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසෙන බවයි.

මෙම නිරීක්ෂණ චාරිකාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන්ද එක් වුණා.