Tuesday, April 30, 2024

General line - 0115112241

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්




බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලට අද රාත්‍රියේත් හෙට සවස් කාලයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ ඉදිරි දින කිහිපයේදී දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි. 


මේ දිනවල වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් වන බවද කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ අජිත් විජේමාන්න වැඩිදුරටත් සඳහන් කළා.