බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන පාතාලය මැඩලීමේ යුක්තිය මෙහෙයුම් හමුවේ පාතාල අපරාධකරුවෙකු වන “කෙහෙල්බැද්දර පද්මේ”ගේ ගෝලයෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින්, විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ උණ්ඩ කිහිපයක්ද පෑලියගොඩ විශේෂ පාතාල අපරාධ මැඩලීමේ ඒකකය විසින් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ පාතාල අපරාධකරුවකු වන කෙහෙල්බැද්දර පද්මේ යන අයගේ ගෝලයෙකු වන දැනට ඩුබායිහි සැඟව සිටින අවිශ්ක මදුසංක නොහොත් ‘කිරි කොල්ලා’ නැමැති සැකකරුගේ අපරාධ සහයකයෙකු වන 44 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි නේරංජ ලක්මාල් මුණසිංහ නැමැත්තෙක්.
එම සැකකරු අත්අඩංගුවට ගැනීමේදී 25 හැවිරිදි තවත් සැකකාරියක්ද හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.