Tuesday, April 30, 2024

General line - 0115112241

ආහාර ගන්න පැමිණි විදේශිකයෙකුට තර්ජනය කළ ස්ටී්‍රට් ෆුඩ් ව්‍යපාරිකයා ඇප මත මුදා හැරේ

උදයකූමාර 




කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කෙසෙල්වත්ත පොලිසිය විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැණුනේ, කොළඹ  Street Food  අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩම්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු ආහාරවල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වෙළඳසැළේ හිමිකරු එම විදේශීය ජාතිකයාට අඩම්තේට්ටම් කරමින් ආහාර මිලදී නොගන්නේ නම් එම ස්ථානයෙන් ඉවත් වන ලෙස තර්ජනාත්මකව බලපෑම් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.