Tuesday, April 30, 2024

General line - 0115112241

සූරිය මංගල්‍යය ගීතය විකෘති කළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර




ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් රන්වල බලකාය සමග ගායනා කරනු ලබන අවුරුදු ගීතයක් වන “සූරිය මංගල්‍යය” ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට අදාළව චෝදනා ලැබූ සැකකරු මෙම මස 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ඔහු අද දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් උපුල් අලගියවන්න විසින් නියෝග කර ඇත්තේ අදාළ සැකකරු බන්ධනාගාරය මගින් කුරුණෑගල මානසික ඒකකයට යොමුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

පොලිස්පතිවරයා වෙත ලද පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මගින් සිදු කළ විමර්ශනයකට අදාළව වාරියපොළ පොලිස් ස්ථානය මගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ සැකකරු 31 හැවිරිදි දුම්මලසූරිය සුරාබදු උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්.