Wednesday, May 1, 2024

General line - 0115112241

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර හෙටින් ඇරඹේ




ඉන්දීය මහමැතිවරණයේ පළමු අදියර හෙට ආරම්භ වනවා.

හෙට සිට ජුනි මස 01 වනදා දක්වා අදියර 07ක් යටතේ එම මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

බිලියන 01යි දශම 04යි එකක් වන ඉන්දීය ජනගහණයෙන් මිලියන 969ක් මෙවර ඉන්දීය මහමැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ලෝක සභාව සඳහා නියෝජිතයන් 543ක් තෝරා ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්වෙනවා.

තමිල්නාඩුව ඇතුළු ප්‍රාන්ත 07ක මැතිවරණය හෙටින් ආරම්භ වීමට නියමිතයි.