Thursday, May 2, 2024

General line - 0115112241

 පාරිසරික වැරදි සම්බන්ධ තොරතුරු දෙන්න කෙටි දුරකථන අංක 02ක්




පාරිසරික වැරදි සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් දැනුම් දීම සඳහා 19 යි 97 හෝ 19 යි 81 වශයෙන් කෙටි දුරකථන අංක 02ක් හඳුන්වා දී තිබෙනවා.

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවින් පොලිස්පතිවරයා විසින් එම දුරකථන අංක හඳුන්වා දී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුවයි පාරිසරික හානි සම්බන්ධ වැටලීම් සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්යාංශයේ 19 යි 97  දරණ හදිසි ඇමතුම් අංකය හා මධ්‍යම පරිසර අධිකාරියේ 19 යි 81 දරණ හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී ඇත්තේ.

ඒ අනුව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සිදුකරනු ලබන කැනීම්, ගං ඉවුරු ආශ්‍රිතව සිදුකරන නීතිවිරෝධී කැනීම්, කර්මාන්ත ශාලා මඟින් අනීතිකව සිදුකරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දුෂණය ආදිය මඟින් වන සතුන්ට සහ පරිසරයට ප්‍රබල බලපෑමක් සිදුකර ඇති බවද පොලීසිය පවසනවා.