Thursday, May 2, 2024

General line - 0115112241

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කරයි




දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

මෙසේ අවලංගු කිරීමට කටයුතු කොට ඇත්තේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් හා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක්.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 පාදුක්ක බලා ධාවනය වන දුම්රිය ද, උදෑසන 07.02ට කොළඹ කොටුව සිට රාගම බලා ධාවනය දුම්රිය ද , රාගම සිට උදෑසන 07.30 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය හා පාදුක්ක දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.20 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් අප්‍රේල් මස 25 වන දින දක්වා ධාවනය නොකිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය පාලනාධිකාරිය පවසා සිටියේ