Thursday, May 2, 2024

General line - 0115112241

නෙත් කෝකිළ වසන්තය ගැන දකුණු පළාත් ආණ්ඩුකාරවරයාත් කතා කරයි




මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන නෙත් කෝකිල වසන්තය හෙට දවස පුරා පැවැත්වෙනවා.

ඒ, ගාල්ල, ඉමදූව මහජන ක්‍රීඩාංගණයේදීයි. පෙරවරුවේ මැරතන් ධාවන තරගයෙන් ආරම්භ වන, නෙත් කෝකිල වසන්තයට ජන ක්‍රීඩා රැසක් ඇතුළත්.

එමෙන්ම හෙට රාත්‍රීයේ සන්ෆ්ලවර් තාල් සහ ඇහැළියගොඩ ෂයිනි ගර්ල් සංගීත කණ්ඩායම් සමග දිවයිනේ ජනප්‍රිය තරු පිරිවරා නෙත්සර රාත්‍රියෙහි නවමු අත්දැකීමක් ලබාදීමට මේ වන විටත් මූලික කටයුතු සූදානම්.

නෙත් කෝකිළ වසන්තය පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ඉමදූව මහජන ක්‍රීඩාංගණයේ මේ වන විට රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත අනුරංග ඩිල්ෂාන් සමගින්.

ආයුබෝවන් අනුරංග.


නෙත් එෆ් එම් කෝකිල වසන්තය ඉමදූව ප්‍රදේශයේදී පැවැත්වීමට ගත් පියවර සම්බන්ධයෙන් තමන් මහත් සතුටට පත් වන බවයි දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ පැවසුවේ.

හෙට දිනය පුරා පැවැත්වෙන නෙත් කෝකිල වසන්තයට සහභාගී වී එහි නවමු අත්දැකීම් විඳ ගන්නා ලෙසයි ඉමදූව ප්‍රාදේශීය ලේකම් එස් ඒ එම් නස්ලි ඉමදූව ඇතුළු දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ.