Thursday, May 2, 2024

General line - 0115112241

බදුල්ල - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල ප්‍රදේශයේ  රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි.

සමන් පාලිත නානායක්කාර




බදුල්ල - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය අසලදී මාර්ගය හරහා කන්ටේනර් රථයක් පෙරළී ගොස් තිබෙනවා.

අම්පාර සිට වැලිමඩ ප්‍රදේශයට සහල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම අනතුරෙන් එහි රියදුරු හා රිය සහයකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුර හේතුවෙන් මාර්ගයේ එක් මන්තීරුවක් සම්පූර්ණයෙන් වැසී ඇති බැවින් ගමනාගමනය සඳහා එක් මං තීරුවක් පමණක් විවෘත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.